සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් දිවයිනට


චීනයේ නිෂ්පාදිත " සයිනොෆාම් " එන්නත් , තවත් මාත්‍රා දශ ලක්ෂ අසූ දහසක් රැගෙන , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්අද දින අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම එන්නත් තොගය කිලෝ ග්‍රෑම් 19,952 ක් බරැති , පෙට්ටි 60 ක් තුළ වියළි අයිස් (Dry Ice ) යොදා  අසුරා තිබුණි .

චීනයේ බෙයිජිං නුවරින් අද දින අලුයම 01.27 ට මෙම එන්නත් තොගය රැගෙන , ශ්‍රී ලංකාව බලා  පිටත් වූ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන මෙම ගුවන් යානය , එදිනම අලුයම 05.26 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .

 



Recommended Articles