සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගෙන තිබූ නිලධාරීන් 363 ක් සිය පත්වීම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන සහතික ව්‍යාජ ඒවා බව ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගොනු මගින් සනාථ වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
වනවිට මෙම පිරිසෙන් 77 දෙනෙකු සේවයෙන් පහකර තිබූ බවත් 20 දෙනෙක් පනත ප්‍රකාරව වන්දි ලබා ගැනීමේ එකඟතාව අනුව සේවයෙන් ඉවත්ව සිටි බවත් විගණන කාර්යාලය සඳහන් කරයි.
සිදුකළ නියැඳි විගණන පරීක්ෂාවකට අනුව සේවයේ නියුතු හා විශ්‍රාම ලබා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවැනි නිලධාරීන් 30 කට පත්වීම් දින සිට රුපියල් මිලියන 195 ක් මොනරාගල දිස්ත්‍රික්කයේ නිලධාරීන් 04 කට රුපියල මිලියන 40 ක් සහ කොළඹ හා මාතර දිස්ත්‍රික්කවල නිලධාරීන් 17 කට 2023 වසරට පමණක් රුපියල් මිලියන 8.7 ක් වශයෙන් වැටුප් හා දීමනා ගෙවා ඇති අතර වගකිවයුතු නිලධාරීන් විසින් මේ පිළිබඳව අවශ්‍ය පියවර ගෙන නොතිබූ බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නීති ප්‍රකාරව මෙවන් නිලධාරීන් පිළිබඳව අනාවරණය වූ වහාම පත්වීම් අවලංගු කර රජයෙන් වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති සියලු මුදල් එම නිලධාරීන් ගෙන් අයකළ යුතු බවද විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණකාධිපති වාර්ෂික වාර්තාව(2023) මගින් මේ අනාවරණයන් කර තිබේ.