සමාජ මාධ්‍යවලින් ඉල්ලූ පමණට ඇඳිරි නීතිය පනවන්න බෑ


සමාජ මාධ්‍ය ඉල්ලූ පමණින් රට තුළ ඇඳිරි නිතිය පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ක්‍රමානුකූලව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවමින් පවතින බවයි.

මේ පිළිබඳව සාකච්ඡාවක් අද දිනයේදී ජනපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවත් ඔහු සඳහන් කළේය.

පී.සී.ආර්. පරීක්ෂණ රජය හා පෞද්ගලික අංශ හැකි උපරිමයෙන් කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles