සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ සංශෝදනයක්


පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබු​නේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බව​ටයි.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තහවුරු කරන ලද මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 385,696 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles