සමගි ජනබලවේගයෙන් ඉවත් වෙන්නේ නෑ - මනෝ


සමගි ජනබලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා අතහැර තමන් වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

බංකොලොත් දේශපාලන පාර්ශ්වයක් මෙම ප්‍රචාර ගෙනමින් පවතින බවත් වෙනදාටත් වඩා දැන් තමන් සජිත් ප්‍රේමදාස මහතා සමග සමීපව කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණට වඩා සතුටින් නව සන්ධානයේ කටයුතු කරන බවත් වත්මන් ආණ්ඩුවට නොවැම්බර් මාසයේ තිබූ ජන ප්‍රසාදය අඩුවෙමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles