සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය හා පුළුල් කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඉන්ධන සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම සම්පූර්ණ කිරීම මෙන්ම ගුණාත්මක භාවය වැඩි කිරීම යන අංශ දෙකම සලකා බලා සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකිර්ණය වැඩි දියුණු කිරිමට හා නවීකරණය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවස්ථා ගණනාවකදී විවිධ ප්‍රයත්න දරා තිබුණත් එය සාර්ථක වී නොමැත.
ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙන් කර සුදුසු හවුල්කරුවෙක් හඳුනා ගැනීම සඳහාත් ත්‍රිකුණාමලය ප්‍ර දේශයේ නව තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා හැකියාවන් සොයා බැලීමටත් මීට පෙර කැබිනට් අනුමැතිය තිබුණත් එයද සාර්ථක වී නොමැත.
නව රජයේ ප්‍රතිපත්තිය අනුව සපුගස්කන්ද නවීකරණය කිරීම හෝ අලුත් පිරිපහදුවක් ඉදිකිරීමට යෝජනා කර තිබේ. ඒ අනුව 2022 සක්‍යතා වාර්තාව පදනම් කරගෙන සදුසු හවුල්කරුවෙක් සොයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මෙහිදී ඉදිකිරීම, මෙහෙයුම් කිරීම හා පැවැරීම යන පදනම මත දිනකට බැරල් 100000ක ධාරිතාවයෙන් යුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අභාලාෂ කැඳවීමට අපේක්ෂා කරයි.