සන්ධානයට ඡන්දය දුන්නත් රනිල් ඉල්ලන්නේ නැතිලු


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිවන වන සන්ධානයට තමා නායකත්වය ලබා දුන්නද මහ මැතිවරණයට තරග නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එකතුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට පෙරේදා (02දා) තීරණය කර තිබුණි.

විපක්ෂයේ පුළුල් සන්ධානයක් පිහිටුවීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය මුලින් සමගි ජන බලවේගයට ආරාධනා කළ අතර, එම බලවේගය ආරාධනය ප්‍රතික්ෂේප කළේය. අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පොදු සන්ධානයක් පිහිටුවා මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කෙරිණි. 



Recommended Articles