සතොස ලොරි 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනෙකුටයි


සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත්ව තිබී විකුණන ලද ලොරි රථ 51 න් 43 ක් ම විකුණා ඇත්තේ ගැනුම්කරුවන් දෙදෙනෙකු පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙබරවාරි මස 09 වැනි දා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

 විවෘත වෙළෙඳ පොළ මිල ගණන් කැඳවීම මගින් 2023 වර්ෂයේ නොවැ.මස සිට 2024 වර්ෂයේ ඔක්තෝබර් මස 31 වැනි දා දක්වා කාල සීමාවේ දී මෙම ලොරි රථ විකුණා ඇත. ලොරි රථ විකිණීමෙන් රුපියල් දහ අට කෝටි තිස් නව ලක්ෂ අසූ පන් දහස් එකසිය හතළිස් නවයක මුදලක් ලබා ගෙන තිබේ.

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කර ඇත. සංස්ථාව ඈවර කිරීම 2024 නොවැ මස 02 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා තිබේ.  එහෙත් 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දා වන විටත් අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක  කර නොතිබුණු බව එම  විගණන වාර්තාවේ සඳහන් වේ.

චන්දන සමරවික්‍රම



Recommended Articles