සජිත්ගේ ආණ්ඩුවක රනිල්ට අගමැතිකම නෑ


සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ලෙසකින් අගමැතිකම ලබා නොදෙන බවත්, දැන් සිදු කිරීමට ඇත්තේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීම හෝ අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ අගමැති ධුරය ඉල්ලා සිටීම පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

කොළඹ පිහිටි සමගි ජන සන්ධාන කාර්යාලයේ අද (05දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ සමගි ජන බලවේගය නිර්මාණය කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙන්න මූලික වූ පුද්ගලයෙක් මම. ඒ වගේම මේ දවස්වල පණිවිඩ එවනවා අන්න අනුර දිනනවා, අපි එකතු වෙමු වගේ කතා කියලා. මම ඒකට විරුද්ධ පුද්ගලයෙක්. දැන් මේ රනිල් - අනුර එකතුවෙලා අපිට මඩ ගහන්න හදනවා. මගේ අත් දෙකම පිරිසිදුයි. අපේ අත්වල කුණු ගෑවිලත් නෑ, ලේ ගෑවිලත් නෑ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳව වියරු වැටිලා මේ අය කෑ ගහනවා. 

මම අහනවා අනුර කුමාරගෙන්. අනුර කාර් පර්මිට් ගත්තද නැද්ද  2016දී?විජිත කාර් පර්මිට් ගත්තද නැද්ද  ?  ගලප්පත්ති කාර් පර්මිට් ගත්තද නැද්ද? බිමල් කාර් පර්මිට් ගත්තද නැද්ද ? නලින්ද කාර් පර්මිට් ගත්තද නැද්ද ? අනුර ඔයා පිරිසිදුයි නම්, නිල නිවාස ගත්තේ නැතිනම්, මාදිවෙල ඔයාලගේ මන්ත්‍රීවරු ඒක කියන්න.

කාර් පර්මිට් ගත්තේ නැතිනම් කියන්න මම අභියෝග කරනවා. 2016දී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේදී ලබා දුන් වාහන පර්මිට් මේ අය ගත්තද  නැද්ද කියලා කියන්නකෝ. අපි බාර් පර්මිට් අරගෙනත් නෑ, ඉඩම් අරගෙනත් නෑ. රනිල් වික්‍රමසිංහගෙන් වෙන කිසිදු වරප්‍රසාදයක් අරගෙනත් නෑ. ඒත් රනිල් වික්‍රමසිංහ දුන්න පර්මිට් ජේ.වී.පී එක ගත්තද නිද්ද කියලා කියන්න කියලා මම අභියෝග කරනවා. 

ඒ නිසා අපි කියන්න කැමතියි මේ දෙකයි පනහේ  කැම්පේන් කරලා, එඩිට් කරපු වීඩියෝ දාලා කොළඹ දිස්ත්‍රික්කයේ  මැතිවරණ  ව්‍යාපාරය කඩකප්පල් කරන්න හෝ වට්ටන්න බෑ. එක්කෝ දැන් ජනාධිපතිතුමාට තියෙන්නේ ඉල්ලා අස්වෙන්න. එහෙම නැතිනම් තියෙන්නේ අනුරත් එක්ක එකතු වෙලා අනේ අනුර මට අගමැතිකම දෙන්න කියන්න. මොකද මොනම හේතුවකටවත් සජිත් ප්‍රේමදාස  රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දෙන්නේ නෑ”



Recommended Articles