සජබ රැස්වීමේ රතිඤ්ඤා පත්තු කිරීමෙන් පොලීසියේ පහක් ඇතුළු 7ක් රෝහලට


සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවැත්වෙන ප්‍රචාරක රැළිය අතරතුර රතිඤ්ඤා වැලක් පත්තු කිරීමෙන් පොලිස් නිලධාරින් පස්දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .

එම රැස්වීම් භූමියේ ස්ථානයක මෙම රතිඤ්ඤා වැලපත්තුකොට ඇති අතර ඉන් රැස්වීමේ ආරක්ෂාවට යොදවා පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් එසේ තුවාල ලබා ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය .

ෂේන් සෙනෙවිරත්න/චමිල් රූපසිංහ



Recommended Articles