සංස්ථාවට ඉන්ධන ලීටරයකින් රු 13 ඉක්මවූ ලාභයක්


ඩීසල් හා පෙට්‍රල් අලෙවි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 13 ඉක්ම වූ ලාභයක් ලබයි.

විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ දත්ත සටහනක මේ බව පැහැදිලිව පෙනෙයි. මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු 13.60ක ලාභයක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු 16.36ක ලාභයක්, ඩීසල් ලීටරයකින් රුපියල් 13.27 ලාභයක් හා සුපිරි ඩීසල් ලීටරයකින් රු 16.69ක ලාභයක් සංස්ථාව ලබයි.

 



Recommended Articles