සංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
මේ පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලය විසින් පර්යේෂණ කොට තහවුරු කොට ඇති බවද ඔහු සඳහන් කළේය.
එසේම ලිට්රෝ සමාගම විසින් වෙනස් කරන ලද ලීටර් 18ක නව ගෑස් ටැංකිය අත්හිටුවීමට ද කටයුතු කොට ඇති බවත් මේ නිසා ගෑස් සම්බන්ධයන් පවතින ව්‍යාජ මතවාද පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා පැවසීය.
වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 25 ) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවැසීය.