සංචාරක ක්ෂේත්‍රයට ගෙන්වන්න යන වාහන වලින් සියයට 68ක්ම ගෙන්වන්නේ සමාගම් දෙකකින්


සංචාරක ක්ෂේත්‍රය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමේදී සමාගම් දෙකකට 68%ක ප්‍රමාණයක වාහන ආනයනයට ලබා දීම ඇතු ගැටළු කිහිපයක් මතුව තිබෙන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද  සිල්වා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඊයේ(10දා) කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද  සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"සංචාරක කර්මාන්තයට වාහන අවශ්‍යයි. ඒ වාහන ගෙන්වන්න තහනමක් තියෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන 1,000ක් ‌ෙග්න්න අනුමැතිය ලබා දිලා තියෙනවා. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ගැටලුවක් මතුවෙලා තියෙනවා.

ඒ තමයි මේ  ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කළාම ඉන්වොයිස් යටතේ සිදුව තිබෙනවාද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවාද, කොහොමද ආයතන 02ට විතරක් 68%ක් වාහන ගේන්න අවස්ථාව ලැබුණේ, ඇයි මේකට ඔන්ලයින් සිස්ටම් එකක් නැත්තේ වගේ ගැටලු ගොඩක් ආවා.

ඒ අනුව කාරක සභාව විදියට ඒකාබද්ධ කමිටුවල් පිහිටුවනු ලැබුවා. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරැ අමාත්‍යාංශය, මහබැංකුව, ෆිස්කල් ඇන් පොලිසි දෙපාර්තමේන්තුව, කස්ටම් සහ ඉමිග්‍රේෂන් යන ආයතන සියල්ල එකතු කරලා ඒ වාර්තාව ඔවුන් අපිට ලබා දුන්නා. ඒක අපි සභාගත කරනවා. එහි තියෙනවා මෙහිදී අවභාවිතා කිරීමක් සිදු කරලා තියෙනවා කියලා."  



Recommended Articles