ශ්‍රී ලන්කන් රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබයි


ශ්‍රී ලංකන් ගුවන් සමාගම  2022/2023 මුල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති අවසාන  අයවැය තත්ත්වය  පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

විනිමය අලාභය හා පොලී පිරිවැය  2022/2023 මූල්‍ය වර්ෂයේ දී  රුපියල් බිලියන 51.4 දක්වා 130.5෴කින් ඉහළ යාම හේතුවෙන්  මෙකී අලාභය  සිදුවී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.කෙසේ වුවද 2021/2022 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති පාඩුව 56෴කින් අඩුවී ඇත. 2022/2023 මූල්‍ය වර්ෂයෙහිදී  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  රුපියල් බිලියන 372.5ක ආදායමක් උපයා ඇත.සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමග ගුවන් මගී ආදායම රුපියල් බිලියන 293.3 දක්වා  වැඩිවී තිබේ.

 ගුවන් සමාගම විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු  රුපියල් බිලියන 102.5ක  හිඟ මුදල පියවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ගුවන් සමාගම වෙත ලබා දී තිබුණි. ගුවන් සමාගමේ මුල්‍ය තිරසාරභාවය ඇති කිරීම සඳහා නව  ආයෝජක අරමුදල් සපයා ගැනීම වෙනුවෙන්  ගුවන් සමාගමේ අයිතිය බැහැර කිරීමට රජය  තීරණය කර ඇත.

චන්දන සමරවික්‍රම



Recommended Articles