ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 දින  පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කර , මේ වනවිට ඔවුන් පිළිබඳ  විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

මෙම ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරයා , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණි විට , ප්‍රධාන ගුවන් නියමුවා විසින් , සහායක නියමුවාට යළිත් නියමු කුටියට පිවිසීම සදහා දොර විවෘත නොකිරීම නිසා මෙම සිදුවීම ඇති වී තිබේ .

මෙම සිදුවීම සදහා මෙම ගුවන් නියමුවන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්වයක් පසුබිම් වී ඇති බව අනාවරණය වී තිබේ .

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සිවිල්  ගුවන් සේවා ආයතනයේ පිරිවිතරයන් අනුගමනය කරමින් , මෙසේ මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිහිටුවා , ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .



Recommended Articles