ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 15000 ඉක්මවයි


නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අද දිනයේදී 15000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවෙන් මේ වන විට කෝවිඩ් මරණ 15 019ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදි තවත් මරණ 24ක් වාර්තා වීමත් සමගිනි.

මෙම මරණ 24  ඊයේ (01දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.  අවුරුදු 30-59 අතර මරණ 11 හා අවුරුදු 60ට වැඩි මරණ 13ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. පිරිමි 20ක් හා කාන්තාවන් 04ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. 



Recommended Articles