ශ්‍රී ලංකාවේ අරමුණ දේශීය යාන්ත්‍රණයයි


ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වූ යෝජනාව අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන විදේශීය යාන්ත්‍රණයකට ලකංවා එකග නොවන බව මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව නැවත වරක් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයාගේ නව අරමුණ වන්නේද දේශීය යාන්ත්‍රණයක් බවද ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අවසන් යෝජනාවද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles