ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ ලක්ෂය ඉක්මවයි


ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ අනුක ජීවී විද්‍යා රසායනාගාරය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අද මේ බව පැවැසුවාය.

මෙම රසායනාගාරය තුළින් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 500ක් සිදුකිරීමේ හැකියාව ඇති අතර ඒ අනුව දිනකට ශ්‍රී ලංකාවේ සිදුකළ හැකි පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවයද ඉහළ යනු ඇත.



Recommended Articles