ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 450000 ඉක්මවයි


ශ්‍රී ලංකාව තුළ ඊයේ (25දා) දිනය වන විට පී.සී.ආර්. පරීක්ෂණ 450836ක් සිදුකර අවසන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනය තුළදී සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 9189කි.  එසේම ඊයේ දිනය වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 57427ක් සිය නිවෙස් වෙත ගෙස් තිබේ.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 73ක් තුළ තවමත් නිරෝධානය වෙමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 8421කි.

 

 



Recommended Articles