වේයන්ගල්ලේ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක්


බුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නම් කරයි. වේයන්ගල්ල ප්‍රදේශයේ පසුගිය දින දෙකක සිදුකළ පී. සී. ආර්. පරික්ෂණ 243ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වී තිබේ.

මේ අනුව  බුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 160ක් දක්වා ඉහළ ගොස් ඇති බව බුලත්සිංහල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.පී. මුදලිගේ මහතා කියා සිටියා.

වේයන්ගල්ල ගම්මානයේ වෙසෙන ජනතාවට සංචරන සිමා පනවා තිබියදී අද දිනද එහි වැසියන් අඟලවත්ත හා මතුගම නගරය වෙත ගමන් කර ඇති බව වාරත් වෙයි.

ධනුෂ්ක ලංකා නානායක්කාර



Recommended Articles