වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැහැ


අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ සඳහන් කර සිටියි.

"අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා පුද්ගල සංචරණ සීමා වෙනුවා. ජනතාව නිවෙස් තුළම රැදී සිටිය යුතුයි. කඩසාප්පු විවෘත කිරීමට කිසිසේත්ම අවසර නෑ. සියලුම කඩ සාප්පු වසා තැබිය යුතුයි. අත්‍යාවශම සේවා සඳහා හා රෝහල් ගතවීම්වලට පමණයි ගමනාගමනයට අවසර ලැබෙන්නේ. යම් ඖෂධ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා."



Recommended Articles