වී වලට සහතික මිල පමා කරන්නේ ගොවිය ගැන හිතලාමයි


වී කිලෝවක් වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ යුතු සහතික මිල ප්‍රකාශ කිරීම පමා කරන්නේ හිතා මතාම යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ " අමු තෙත වී පසුගිය දවස් වල රුපියල් 140ට ගියා. දැන් ඒක ටික ටික පහළට ඇවිත් තියෙනවා. එතකොට වේලපු වී කිලෝවක් කීයක් වෙනවද? රු. 160ට ආසන්න මිලක් වෙනවා.

මේක විකෘතියක් එහෙම ගියොත් හාල් කිලෝව කීයක් වෙයිද? හාල් කිලෝව රුපියල් 300ක් වත් වෙයි. මේ විකෘතිය තමයි ගොයම් කපන කාලයට මුලින්ම නිර්මාණය කරන්නේ.

මේ තත්ත්වය යටතේ ගොවි ජනතාව වැඩි මිලකට වී විකුණනවා. ඒකට අවස්ථාව දෙන්න ඕන. ගොවියට දැනට වී විකුණාගැනීමට ගැටලුවක් ඇවිත් නෑ.

වී වලට මිලක් නෑ කියලා ප්‍රශ්නයක නෑ. මේ ප්‍රශ්න දෙකම නැති නිසා ආණ්ඩුවට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ. අපි මොකටද මැද්දෙන් පැනලා අපි ගැටලුවක් ඇති කරන්නේ.

මේ පවතින මිල පහළට එනවා. එතකොට ගොවි ජනතාවට අසාධාරණයක් වෙනවා. ඒ අනුව තමයි අපි වී කිලෝවක අවම මිල ප්‍රකාශයට පත්කලේ නැත්තේ. මේකේ නාඩි අපිට තේරෙනවා. කල් යල් බලා අපි නියම මිලක් නියම කරනවා. ගිය වතාවේ නිශ්පාදන වියදමට එකතු කරලා තිබුණේ රුපියල් 5යි. ඉතිහාසයේ ප්‍රථම වතාවට නිශ්පාදන වියදමෙන් සියයට 30ක් එකතු කරලා ගොවියට දෙනවා."



Recommended Articles