වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබුණත් වී සඳහා සහතික මිලක් නියම කර නොමැති බවත්, මේ නිසා වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මිලක් දක්වා පහත වැටී තිබෙන බවත් ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි.
සහතික මිලක් නියම නොකිරීමට අමතරව රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියත් තවමත් ආරම්භ කර නොමැති බවත්, මේ නිසා කඩිනමින් වී සඳහා සහතික මිලක් නියම කළ යුතු බවද එම සංවිධානයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා සඳහන් කළේය.
ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ අස්වැන්න මේ වන විට වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, මේ අනුව රතු කැකුළු වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මුදලකටත්, අනෙකුත් වී වර්ග රුපියල් 110 ත් සහ 115ත් අතර ඉතාම පහළ මිලකට මිලදී ගනිමින් තිබෙන බවද පැවසීය.
මේ වන විට සහල් මිල ජනතාවට දරාගත නොහැකි මිලකට ඉහළ ගොස් තිබෙන බවත්, එසේ තිබියදී ගොවියාගේ අස්වැන්න අඩු මුදලට මිලදී ගනිමින් තිබෙන බවද සඳහන් කළේය.