විවිධ මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට


රුපියල් ලක්ෂ 40 කට ආසන්න   විවිධ මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ පුද්ගලයකු මතුගම යට දොළවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි

එම සැකකරු සමඟ හෑෂ් මත්ද්‍රව්‍ය ගෑම් 611 ක් මැන්ඩි මත්ද්‍රව්‍ය ගෑම් 760 ක් මත් මුද්දර 500 ක් හා ජාවාරමෙන් උපයා ගත්  රුපියල් 116,500/= ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි සැකකරු වැඩිදුරු විමර්ශන සඳහා මතුගම පොලිසිය වෙත භාරදී ඇත. කළුතර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ  පවත්වයි



Recommended Articles