විරේන් කලින්ම ප්‍රංශයට යයි


ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක , බැඩ්මින්ටන් ක්‍රීඩක 07/18 අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගියේය.

එළඹෙන 07/26 දින ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන මෙම ඔලිම්පික් තරගාවලියේ දී බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්ව සදහා සහභාගී වන ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වීම විශේෂත්වයක .

විරේන් නෙත්තසිංහ තම පුහුණුකරු මෙන්ම තම පියා වන රොෂාන් නෙත්තසිංහ සමග පැරිස් බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් 07/18 දින අලුයම 03.35 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස් , එතැන් සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව යාමට නියමිතය.



Recommended Articles