විපක්ෂයේ වගකීම ගන්න සූදානම්


රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම භාරගන්න සර්ව ජන බලය   සූදානම් බව එහි කළුතර දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා පැවසීය . ඒ මහතා මේ බව සදහන් කලේ ඊයේ (22) පස්වරුවේ පානදුර දී මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. "අපි සාම්ප්‍රදායික විපක්ෂයක් ලෙස කටයුතු කරන්නේ නෑ. රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව භාරගන්න සූදානම්. අපි පැනලා දුවන කණ්ඩායමක් නොවෙයි.

අපි මේ ආණ්ඩුව කඩාවැටෙන කම් බලා ඉන්නේ නෑ. නමුත් හරියට කරන්න බැරිවුනොත් රට වැටෙනකොට රට භාරගන්න අපි සූදානම් 

අපි හොද දක්ෂ, අදූෂිත,  ව්‍යවසායකයින් රටටම ඉදිරිපත් කරලා තියෙන්නේ. අද රටේ ජනතාව පෙලගැසිලා ඉන්නේ විපක්ෂය සර්ව ජන බලය පක්ෂයට ඡන්ද  දෙන්න.

මේ රට සහන වලින්‍ හදන්න බෑ. ජාතික ජන බලවේගයට වැඩපිලිවලක් නෑ. මේ ආණ්ඩුවට වැඩි  හරියක් ඡන්ද දුන්නේ දූෂිත අය ගෙදර යවන්න. දැන් සුදුසන් තෝරාගන්න ජනතාව පෙල ගැහිලා ඉන්නවා.

මේ රටේ ජනතාව හිතාගන්න බැරි මන්ත්‍රී ධූර ප්‍රමාණයක් අපට දෙන්න සූදානම් වෙලා ඉන්නවා ප්‍රධාන ඉඩක්ලැබෙනවා සර්ව ජන බලයට ඒකට හේතුව තමයි ජනාධිපතිවරයාට ඡන්ද දෙනවිට ආණ්ඩුවට විරුද්ධව එක්කෝටි පහලොස් ලක්ෂයක් ඡන්දය දීල. 

ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන සියලු දෙනාට නායකත්වයක් අවශ්‍ය වෙනවා ඒකට හේතුව එක්කෝටි පහලොස් ලක්ෂයක් මේ ආණ්ඩුවට විරුද්ධයි.

සර්ව ජන බලයේ ඉන්නේ විශාල පිරිසක් ව්‍යවසායකයින්. අපි ලෝකේ ගිහින් රටවල් අල්ලපු ව්‍යාපාර කරන මිනිස්සු. දහස් ගාණනකට රැකියා දුන්න මිනිස්සු.

වැඩකරල පුරුද්දක් නැත්නම් මොන ආර්ථික උපදේශක උපදෙස් දුන්නත් වැඩේ ඇගේ නැත්නම් මේක කරන්න බෑ.

උපාය මාර්ගික නිසි වැඩපිලිවලක් නැත්නම් රට හදන්න බෑ. "

සුමිත් පොතුපිටිය



Recommended Articles