විදේශී මුහුදු නාවිකයන් පිරිසක් දිවයිනට


කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු රැගෙන දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් 7/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙම විදේශීය නාවිකයන් පිරිස අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා හෝටල් වෙත යවා තිබේ.



Recommended Articles