විදෙස්ගතව එන අයගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක්


විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර කළේය.

” කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා දෙක ලබාගෙන සති දෙකකට පසුව මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට නියමිත සෞඛ්‍ය කොන්දේසි සපුරා ඇත්නම් ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියෙන් නිදහස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති උපදෙස් අනුව එම තීරණය කර තිබෙනවා.

ඒ අනුව නියමිත පරිදි එන්නත් ලබාගෙන දිවයිනට පැමිණෙන පුද්ගලයින් සිය ගුවන් යානයට ගොඩවීමට පැය 72කට පෙර සහ මෙරට පැමිණීමෙන් පසුව සිදුකරනු ලබන PCR  පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියෙන් සම්පුර්ණයෙන් නිදහස් කර තිබෙනවා.

කෙසේ වුවත් ඉන් දින 07 කට පසුව ඔවුන් නැවත වරක් PCR පරීක්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වන වාර්තාව සිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දිය යුතු වනවා යැයි.” යැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා

 



Recommended Articles