විදෙස් රටවලින් පැමිණි 659කට කෝවිඩ්


විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයන් හයසිය පනස් නවයකට ඊයේ (17දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබේ.

මීට අමතරව නාවික හමුදා සාමාජිකයන් අටසිය අනූනවයකට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබෙන අතර, අනෙකුත් හමුදා සාමාජිකයන් දාහතරකට කෝවිඩ්-19 ශරීරගත වී තිබෙන බව තහවුරු වී ඇතැයිද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කෝවිඩ්-19 බවට සැකකර රෝහල්ගත කර, වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබාගන්නා පුද්ගල ප්‍රමාණය ඊයේ දිනය වනවිට විසිනවයක් දක්වා පහළ ගොස් තිබේ.

මේ මස 01 වැනිදා සැලකීමේදී කෝවිඩ්-19 බවට සැකකරන රෝගීන් හැටපස් දෙනෙකුත්, පසුගිය මස 17 වැනිදා සැලකීමේදී කෝවිඩ්-19 බවට සැකකරන රෝගීන් දෙසිය නවයක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබාගෙන ඇත.

එසේම ඊයේ දිනය වනවිට සමස්ත රෝගීන්ගෙන් එක්දහස් තුන්සිය අනූහතක් සුවය ලබා තිබේ.



Recommended Articles