විදුලි බිල සියයට 30කින් අඩු කළ හැකියි


මේ වසරේ ගෙවීගිය කාලයේදී හා පසුගිය වසරේදී විදුලිබල මණ්ඩලය විසින් ලබාගෙන තිබෙන ලාභයට අනුව විදුලි බිල 30%කින් අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

එහෙත් 2013 වසරේ සිට 2022 වසර දක්වා විදුලිබල මණ්ඩලය පාඩු ලබා තිබෙන බව සඳහන් කරමින් ඉදිරි මාස 06කට අදාළව විදුලි ගාස්තු සංශෝධනයේදී 5%ත් 11%ත් අතර මුදලකින් ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙන බවද පැවසීය.
බිත්තර, සහල්, පොල් මිල ආණ්ඩුවට පාලනය කර ගැනීමට නොහැකි බවත්, එහෙත් ජල විදුලි නිෂ්‍පාදනය ඉහළ යාම හා පසුගිය කාලයේදී විදුලිබල මණ්ඩලය ලබා තිබෙන ලාභය සැලකිල්ලට ගෙන විදුලි බිල 30%කින් අඩු කර ජනතාවට සහන ලබා දිය හැකි බවද සඳහන් කළේය.

මෙම කටයුත්ත සිදුකිරීම සඳහා ආණ්ඩුවට බහුතර බලයක් හෝ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බවත්, සිදුවිය යුත්තේ නිවැරදි ලෙස ගණනය කිරීම් සිදුකර විදුලිබල මණ්ඩලයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් වීම බවද ඊයේ (28දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය



Recommended Articles