විදුලි බිල, දුරකථන බිල සහ වාහන අයිතිය අනුව බදු අය කිරීමේ ක්‍රමවේදයක්?


විදුලි බිල, දුරකථන බිල සහ වාහන අයිතිය වැනි වාස්තවික කරුණු පදනම් කරගෙන බදු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිම පිළිබඳව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ අවධානය යොමුවිය.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම කරුණ පිළිබඳව අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාව සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේතුවේ නිලධාරීන් එක්විය.



Recommended Articles