ලංකා විදුලි බල මන්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති වීදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි 17 දින ලබාදීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි.
ඒ අනුව එම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා මෙම දෙසැම්බර් 17 දින සිට 2025 ජනවාරි 08 දක්වා භාරගන්නා බවත් වාචික අදහස් දැක්වීමේ සැසි මෙම මස 27 සිට ලබන වසරේ ජනවාරි 10 දක්වා සියලු පළාත් ආවරණය කෙරෙන පරිදි පැවැත්වෙන බවද එම කොමිෂන් සභාව පවසයි .
විදුලි බල මණ්ඩලය විසින් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු කෙටුම්පත් කල උපදේශන පත්රිකාව www.pucsl.gov .lk වෙබ් අඩවියට පිවිස පරිශීලනය කල හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ජේ .ඉඳුරුවගේ