විත්තිකාරියගේ නිවසට ගිය විනිසුරුට වැඩ වරදයි?


ත්‍රිකුණාමලය අධිකරණයක විභාග වන ඉඩම් නඩුවක විත්තිකාරිකගේ නිවසකට ඊයේ (04) රාත්‍රි  හොරෙන් ඇතුල් වූ එම අධිකරණයේ විනිසුරුවරයෙකුගේ ක්‍රියාවට විරෝධය පල කල ප්‍රදේශවාසීන් එම නිවස වටකර නොසන්සුන්කාරී ලෙස හැසිරීම ෙහේතුවෙන් පුල්මුඩේ පොලිසිය එයට මැදිහත් වී පිරිස විසුරුවා හැරීමට ක්‍රියා කළේය.

මෙම කාන්තාව ඇය සිටි නිවසට විනිසුරුවරයා සිය මෝටර් රථය තනිව රාත්‍රී පදවාගෙන පැමිණ ඇති අතර විත්තිකාර කාන්තාවගේ නිවස ඉදිරිපස  විනිසුරු යනුවෙන් සඳහන් පුවරුව සහිත නවතා ඇති මෝටර් රථය දුටු අවට සිටී පිරිස් මෙම සිද්ධියට විරෝධය දක්වා  නිවස වට කර කලහකාරී ලෙස හැසිරිි තිබේ.

කාන්තාව පමණක් සිටි මෙම නිවසේ පැයකට ආසන්න කාලයක් පිටතට ඒමට නොහැකිව  කොටුවී සිටි විනිසුරුවරයා පොලිසිය පැමිණ ඉතා සූක්ෂම ලෙස නිවසින් පිටතට ගෙන නිරුපද්‍රිතව සිය මෝටර් රථයෙන් ආපසු හරවා යැවීමට පුල්මුඩේ පොලිසිය කටයුතු කරනු ලැබූහ.  

ත්‍රිකුණාමලය චමෝද්‍යා



Recommended Articles