විකෘති දේශපාලනය ප්‍රකෘතිවීමට යන්නේ තවත් පෝය කිහිපයයි


ගිනි තැබූ නිවාසවලට ගෙවූ මුදල සිය ගුණයකින් ගෙව්වද එම පෑරුණු සිත් පිළිබඳව ගණනය කළ නොහැකි බවත් ගිනිතැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට වැඩි පරීක්ෂණ අවශ්‍ය නොමැති බැවින් වර්තමානයේ පවතිනුයේ විකෘති දේශපාලනයක් මිසක ප්‍රකෘතියක් නොවන බවත් මෙය අනෙක් පැත්තට මාරුවීමට ඇත්තේ තව පෝය කිහිපයක් පමණක් බවත් දිලිත් ජයවීර මහතා පැවසීය.

ඉදිරියේදී පැවැත්වෙන 2025 පළාත් පාලන ඡන්දය ඉලක්ක කර ගනිමින් සර්වජන බලය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8දා) උතුරු මැද හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් සමරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේ පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

සිය දේශපාලන ගමන වෙනස් කරමින් ව්‍යවසායකත්ව රටක් වෙනුවෙන් සර්වජන බල පක්ෂය නිර්මාණය කරනු ලැබුවේ පසුගිය අරගල සමයේ  වාමාංශික දේශපාලනය වෙනුවෙන් කටයුතු කළ ජනතාව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු බලය තිබියදී අරගලකරුවන් විසින් බේරේ වැවට දැමීමට හා ප්‍රබල දේශපාලනඥයන්ගේ නිවෙස් ගිනිබත් කිරීමට කටයුතු කරද්දී ඒ වෙනුවෙන් පොහොට්ටු ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා බව සර්ව ජන බල පක්ෂයේ නායක දිරිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.

මෙහිදී දිලිත් ජයවීර මහතා සංවේදි වෙමින් මේ බව ප්‍රකාශ කළ අතර තමන් වාමාංශික දේශපාලනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවත් එකමුතු ජාතිකත්වය පවත්වා ගැනීමට කටයුතු කරන මෙම පක්ෂය කිසිවෙකුට පරාජය කර නොහැකි බවත් ඒ මහතා කීය.

ගෙයක් ගිනි තැබීමට හැකි වන්නේ, ගෙයක් පිළිබඳව නොදන්නා පුද්ගලයෙකුට බවත් දෙමව්පියන් , බිරිඳන් සහ දරුවන් නොමැති පුද්ගලයන්ට ගෙයක් පිළිබඳව දැනුමක් නොමැති බවත් එවැනි හැඟීම් නොමැති පුද්ගලයන් රට තුළ සිටි බවත් එසේ සිටිනු ලැබුවේ රට තුළ සියයට තුනක් පමණ වන බවත් ඒ මහතා පැවසීය.

ගිනි තැබූ නිවාසවලට ගෙවූ මුදල සිය ගුණයකින් ගෙව්වද එම පෑරුණු සිත් පිළිබඳව ගණනය කළ නොහැකි බවත් ගිනිතැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට වැඩි පරීක්ෂණ අවශ්‍ය නොමැති බවත් වර්තමානයේ පවතිනුයේ විකෘති දේශපාලනයක් මිසක ප්‍රකෘතියක් නොවන බවත් මෙය අනෙක් පැත්තට මාරුවීමට ඇත්තේ තව පෝය කිහිපයක් පමණක් බවත් දිලිත් ජයවීර මහතා පවසයි.

මිනිස්සු යනු ආදරයේ ජීවියකු මිසක වෛරයේ ජීවියකු නොවන බවද ඒ මහතා පවසයි.

 



Recommended Articles