වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගය වැසෙයි


පැවති ධාරානිපාත වර්ෂාව සමග අද (08) අට සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩාවැටී වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගය කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙම ප්‍රදේශයේ ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි තවදුරටත් ඇද හැලෙමින් පවතින බවද අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බවද එම මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර බදුළුඔය පිටාර ගැලීම හේතුවෙන් සුමනතිස්සගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බවද ආපදා  කළමනාකරණ අංශ සඳහන් කළේය.  පස්සර ලුණුගල මාර්ගය තැනින් තැන පස් කඳු කඩා වැටී  තැනින් තැන අවහිර වී පවතින බවද කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර වැලිමඩ හාලිඇල මාර්ගයේ කිලෝමීටර් සීය කණුව ආසන්නයේ ඉකුත් දින වර්ධනය වූ නායයාමේ තත්ත්වය මේ වන විට තවදුරටත් සක්‍රිය  වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 

 



Recommended Articles