වැලිගම හොරොයින් ජාවාරමේ මහ මොළකරු ‘ හරක් කටා ’


වැලිගමින් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ ග්‍රෑම් 220ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුපස සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මේ වන විට ඩුබායි රටේ සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ බවට අණාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සිදුවීමට අදාළව මේ වන විට සැකකරුවන් 13ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් සැකකරුවන් 11ක් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඉතිරි සැකකරුවන් දෙදෙනා අද දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  



Recommended Articles