වැලිකඩ පොලිස් භාරයේදී මිය ගිය තරුණයාගේ දේහය 23දා ගොඩ ගනියි


වැලිකඩ පොලිස් බාරයේ සිටියදී මරණයට පත් වු බව කියන බදුල්ල මීගහකිවුලේ සත්සර නිමේෂ් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පත් කළ විශේඥ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයේ තොරතුරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතාට රහස් පොලිසිය දැනුම් දුන් අවස්ථාවේදී බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදී එම තරුණයාගේ මෘත දේහය ලබන 23 වැනිදා ගොඩගැනීමට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අද (17) අවසර දුන්නේය.

වැලිකඩ පොලිස් බාරයේ සිටියදී මරණයට පත් වු බව කියන සත්සර නිමේෂ් නමැති 25 හැවරිදි තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය යළි පැවැත්වීම සඳහා පත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න, කරාපිටිය රෝහලේ විශේඥ වෛද්‍ය පි.අර්. රුවන්පුර සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහචාර්ය මුදිත විදානපතිරණ යන මහත්වරුන් සැදුම්ලත් විශේඥ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලකි.

රහස් පොලිසිය ගොනු කළ මෝෂමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු කරුණු ඉදිරිපත් කරමින් වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව මියගිය බව කියන සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මව වන බදුල්ල මීගහකිවුල පදිංචි ලේකම්වසම් ලියනගේ සමන්ති මහත්මිය කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන්හ.

සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මෘත දේහය යළි ගොඩගෙන නැවත වරක් විශේඥ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස පසුගිය 09 වැනිදා අධිකරණ නියෝගයක් දුන් බවත් එම නියෝගය අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න, කරාපිටිය රෝහලේ විශේඥ වෛද්‍ය පි.අර්. රුවන්පුර සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහචාර්ය මුදිත විදානපතිරණ යන මහත්වරුන් සැදුම්ලත් විශේඥ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මෘත දේහය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පත් කර ඇති ිබවත් දැනුම් දුන්හ.

සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මෘත දේහය සම්බන්ධයෙන් යළි ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට අවශ්‍ය සිය`ථ කටයුතු සූදානම් කර ඇති බවත් දැනුම් දුන් රහස් පොලිසිය ඒ සඳහා අවසර දෙමින් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.

කරුණු සලකා බැුලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර දෙමින් බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මෘත දේහය යළි ගොඩ ගැනීම කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ලබන 30 වැනිදා අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලීසියට  නියෝග කළේය.

සචිත්‍ර ගුණසේකර



Recommended Articles