වැඩි මිලට විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු දේශීය රතු කැකුලු හාල් තොගයක් සමග ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
කල්මුණේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය තණබද්දේගම තොග වෙළෙඳ සැලකට මෙම හාල් තොගය ගෙන එමින් තිබු බව එම අධිකාරීය වැඩි දුරටත් සඳහන් කළේය.
මෙහිදී සිය භාරයට ගත් කිලෝ පනහෙ හාල් මිටි 175 ක් කිලෝ එකක් රුපියල් 220 බැගින් පාරිභෝගික කටයුතු අධිකාරීයේ විමර්ශන නිලධාරීන්ගේ අධික්ෂනය යටතේ අලෙවි කරවීමට පියවර ගෙන ඇත.
චන්දන සමරවික්‍රම