වැඩම කාන්තා අපේක්ෂිකාවන් ජනසෙත පෙරමුණෙන්ලු


ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු  මහමැතිවරණය සදහා තරග කිරීමට ලංකාවේ  දිස්ත්‍රික් විසිදෙක නියෝජනය කරමින් කාන්තා අපේක්ෂිකාවන් හතළිස් හතර දෙනෙකු ඉදිරිපත් කර  ඇතැයි ජනසෙත පෙරමුණේ  නායක  පූජ්‍ය බත්තරමුල්ලේ  සීලරතන හිමිපාණන් වහන්සේ  පැවසූහ.

නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙන මහමැතිවරණය සදහා ජනසෙත පෙරමුණ  නියෝජනය  කරන අපේක්ෂක අපේක්ෂිකාවන් පසුගිය  සතිඅග ඉරිදා ඓතිහාසික වාරණ රජමහවිහාරස්ථානය  වැදපුදා ගනිමින් තෙරුවන් ගේ ආශීර්වාදය ලබා ගැනීම සිදුකල අවස්ථාවේදී සීලරතන  හිමිපාණන් එසේ පැවසූහ.

 කවුරුන් කෙලෙස පුරසාරම්  දෙඩුවද මෑත  ඉතිහාසයේ  වැඩිම කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත් කල පක්ෂය ජනසෙත  පෙරමුණ යැයිද සම්බුද්ධ ශාසනයට අවමාන කල අය හෝ රාජ්‍ය දේපල මහජන මුදල් අවභාවිතා කර සිර ගත වූවන් හෝ දේශපාලනයේ නිරතවී තමන්ගේ පොකට්ටුව පුරවා ගත් අය හෝ ජනසෙත පෙරමුණ  පක්ෂයේ නොමැති  බවද උන්වහන්සේ  මෙහිදී පැවසූහ.

පක්ෂයේ නමත් අපේක්ෂකයන්ගේ පොදු අරමුණත් එකක් බවත් ජනතාව ගේ යහපත පක්ෂයේ  එකම අරමුණ  බවත්  උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.



Recommended Articles