වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය


වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහායි.

ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීමට ආසන 6 - 15 වෑන් රථ 750ක්  සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

කසුන් රණසිංහ



Recommended Articles