වස්කඩුවේ මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසයි


වස්කඩුව ප්‍රදේශයේ  සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බව පොලිසිය පැවසීය .

මෘතදේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි. වයස අවුරුදු  70ක පමණ පුද්ගලයකු බවත් ලා දුඹුරු පැහැති  ටී ෂර්ට්  සැරසී සිටින බවත් පොලිසිය පවසයි .

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය 

 



Recommended Articles