වසර 3කට පසු මඩකලපුව විශ්වවිද්‍යාලය එහි හිමිකරුවන්ට යළි පවරයි


හිටපු ආණ්ඩුකාර ආචර්‍ය එම් එල් එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මෙන්ම සමාජය තුළ දැඩි කථාබහකට ලක්වූ මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හැදින්වූ පෞද්ගලික විශ්වවිද්‍යාලය රටේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයන් සහ කොරෝනා වැනි හේතූන් මත රජයට පවරා ගන්නා ලදී.

මෙහිදී වසර 3කට පමණ පසු අද එම විශ්වවිද්‍යාලය නිල වශයෙන් විශ්වවිද්‍යාල නිර්මාතෘවරුන් වෙත පවරා ඇත.

 එහි නිර්මාතෘ හිස්බුල්ලා මහතා පසුගිය වසර 3ක කාලය තුළ පරීක්ෂණ සහ අභියෝග කිහිපයකට මුහුණ දීමෙන් අනතුරුව ඉහත සඳහන් කළ විශ්වවිද්‍යාලය යළි පවරාගෙන ඇත.

රජයට පවරා ගැනීමෙන් අනතුරුව එම විශ්වවිද්‍යාලය හමුදාව භාරයේ පැවැතුනි.

මඩකලපුව ජවුෆර් ඛාන්



Recommended Articles