වව්නියාවේ අඹ ගෙඩියක් රු 162000කට අලෙවි වෙයි


වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

මෙම වෙන්දේසිය ඊයේ (26) සවස පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙනි.

අදාල වෙන්දේසියේදී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසිනි.

අදාල කාන්තාව විසින් කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ලබාදීම සඳහා එවැනි මිලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා දී මිලදී ගැනීම සිදුවිය.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවල්හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වීම සිදුවිය.

 



Recommended Articles