වලල්ලාවිට එකම පවුලේ පහකට කොරෝනා


වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නව කොරෝනා ආසාදිතයින්  සංඛ්‍යාව 03 දින වන විට 20 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, වලල්ලාවිට මගුරුමස්විල පදිංචි කොළඹ ගිනි නිවන හමුදාවේ සේවය කළ අයෙකු සහ  කලන්දාව ප්‍රදේශයේ බස් පොකුරේ  ආශ්‍රිතයෙකු නව ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බව ද ,වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල මහතා පැවසීය.

මාකලන්දාව පදිංචි අය මෙයට පෙර අසාදිත ලෙස  වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා බවත් ,මේ වන විට එම පවුලේ 05 කට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැ යි ද වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

එමෙන්ම  මීගහතැන්න නගර මධ්‍යයේ පසුගිය 21 දින  තෙක්  මාළු වෙළදාම කළ,වැලිපැන්න මීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිත වී ඇති බව  ඉකුත් 02 දින තහවුරුවී තිබේ.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මේ වන විට වන විට පවුල් 217  ක සාමාජිකයින් 696 ක් නිරෝධානය ට ලක් කර ඇත. මෙම බල ප්‍රදේශයේ  මෙ තෙක් පීසීආර් පරීක්ෂණ 346 ක් සිදු කර ඇති අතර එයින් 30 කගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ප්‍රේමතිලක පෙරමුණ

 



Recommended Articles