රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් රාජයේ කටයුුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.
මේ අනුව ඇතැම් කාර්යාල වසා දමා ඇති අතර අතැම් කාර්යාල විවෘත කර තිබුණත් සේවකයන්ගේ පැමිණීමක් සිදු ව නොමැත.
ලංගම බස් රථ ධාවනය කරන අතර පෞද්ගලික අංශයේ බස් රථද සාමාන්‍ය ප්‍රමාණයට ධාවනය වෙයි. දුම්රිය ධාවන කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.
කොළඹ කොටුවේ පදික වෙළඳාමේ නිරත පිරිස් පවා වෙළඳාමෙන් ඉවත් සිටින අයුරු දැකගත හැකිවෙයි.
වර්ජනය සඳහා වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියි.