වරකාපොළින් තවත් ආසාදිතයෙක්


වරකාපොළ හල්ලවින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට අදාළව මෙම ආසාදිතයා වාර්තා වී තිබේ.

ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර තිබේ. පවුලේ අය නිරෝධානයට යොමුකිරීමට නියමිතය.

මේ අනුව වරකාපොළින් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ඔවුන් දෙදෙනාම මිනුවන්ගොඩ පොකරට සම්බන්ධව වාර්තා වී තිබේ. ඊයේ සවස නෙලුම්දෙණියෙන් අනෙක් ආසාදිතයා වාර්තා විය.



Recommended Articles