වයෝවෘද කාන්තාවට දස වද දී නිවසේ දේපළ කොල්ලකාලා


නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නිවසක හුදකලාවේ රැදී සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ දැත් දෙපා සහ මුඛය ලනුවලින් ගැටගසා ඇදක බැද නිවසේ තිබූ භාණ්ඩ සොරාගෙන  ගොස් ඇති බවට ලද පැම්ණිල්ලක් මත වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාද්දුව බාලිකාව පාරේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක විසින් පෙරේදා (17) කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පැමිණිලිකාර කාන්තාව නිවසේ තනිව රැදී සිට ඇති අතර , පිහියක් රැගෙන ඇතුළුවූ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඇයව ලණුවලින් ගැට ගසා ඇදක  බැද නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍රයක්, ජංගම දුරකථනයක් සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය. 

සැකකරුවන් විසින් කාන්තාවගේ ඇගිලි කිහිපයකට කැපුම් තුවාල සිදුකර ඇති අතර , ඇයගේ මුඛයටද තුවාල සිදුව තිබූ බැවින් රෝහල් ගතවීමට පොලිසිය විසින් උපදෙස් දී තිබේ.

 වාද්දුව පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය/බිමල් ශ්‍යාමන්  සහ වාද්දුව දයා හේමන්ත 



Recommended Articles