වන අලි සංචාරක කර්මාන්තයට යොදා ගන්නැයි ගොවීන්ගෙන් යෝජනාවක්


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අලි ඇතුන් යොදා ගැනීමට හැකියාව පිළීබදව රජයේ අවධානය යොමු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ගොවිසංවිධාන නියෝජිතයින් පවසයි. විශේෂයෙන් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන හබරණ ප්‍රදේශයේ කළකට පෙර අලින් 10ක් 15ක් සිටියත් අද වන විට සිටින්නේ දෙදෙනෙකු පමණක් බවත් ගොවි නියෝජිතයින් පෙන්වා දුන්නේය.

තායිලන්තය වැනි රටවල අලින් සංචාරක කර්මාන්තය සදහා බහුලව යොදාගන්නා බවත් අපේ රට මේ පිළිබදව අවධානය යොමුකළ යුතු බවත් මෙහිදී ප්‍රකාශවිය. ගම්වදින කුඩා අලිපැටවුන් අල්ලාගෙන සුදුසු අයට ලබා දීමට හැකියාවක් ඇති බවත් මෙහිදී අදහස් පලවිය.

මෙමගින් අලින්ගෙන් මිනිසුන්ගේ වගාවලට සිදුවන හානියත් යම් පමණකින් අවම වන බවත් රටේ සංවර්ධනයට අලින් යොදාගත හැකි බවත් ගොවි නියෝජිතයෝ පෙන්වා දුන්නේය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ගොවී නියෝජිතයෝ මෙම අදහස් පළකළහ.

මහේෂ් කිර්තිරත්න



Recommended Articles