වතුකර නිවාස ගැටළුවට විසඳුම් ලෙස මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇතිබව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට අනුකූලව මහල් 6කට වඩා අඩු මහල් සංඛයාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සැලසුම් අධ්‍යනය කරන බව වැඩි දුරටත් එම අමාත්‍යංශය පවසයි. තනි නිවාස ඉදිකිරීමෙන් වතුකරයේ ඉඩම් විශාල ලෙස නිවාස සඳහා වෙන්වන බැවින් ඊට වඩා එළදායී විසඳුමක් ලෙස මෙම ක්‍රමය ඔවුන් පෙන්වා දී ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය