වත්මන් ආණ්ඩුව ගැන කියන්න වරදක් නෑ


වත්මන් ආණ්ඩුව ගැන කීමට වරදක් නොමැති බව හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

කොළඹදී අද (16දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අවුරුදු 76ක් තිස්සේ මේක පක්ෂ 2ට මාරු වුණේ. ජනතාව 68 ලක්ෂයක් අලුත්ම පක්ෂයක් තෝර ගත්තා. දැන් මාස 03ක් විතර ඇති ඒ පක්ෂය ඇවිල්ලා. මට නම් කියන්න වරදක් නෑ. මම හිතනවා නාස්තිය අඩු කරලා තියෙනවා අනුර කුමාර දිසානායක මහතා. එතුමා පූර්වාදර්ශයක් වෙලා තියෙනවා දේශපාලනයට. නාස්තිය 100%ක් අඩු කරලා තියෙනවා.හොරකම් නෑ.  ජනතාව කියනවා සහල් ගැන, පොල් ගැන, ලුණු ගැන. ඒවගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒක මොන ආණ්ඩුව ආවත් තිබුණා.දැනට කියන්න වරදක් නෑ. කුහකකමින් තොරව කියනවා නම්. ”



Recommended Articles